දිනපතා හිරු පායනවා මෙන් ම දිනපතා බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ද නියතයක් වී හමාරය. ඒ තරමට දෛනිකව වාර්තා වන පුවත්වලින් කියන්නේ බඩු භාණ්ඩවල අඛණ්ඩ මිල යාමේ තත්ත්වයයි. ඇතැම් විට එක ම භාණ්ඩය මාසයක් වැනි කාලයක් තුළ කිහිප වතාවක් …
ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්යාප්ත කළු විරෝධතා දිනයක් නම් කොට තිබුණි. එයට සමගාමීව හැටන් නගරයේ රාජ්ය ආයතන, අර්ධ රාජ්ය ආයතන, සහ අවිධිමත් අංශයේ …
ජනතා හඬට සවන් නොදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන සටනට සහය පල කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (20) දින දීප ව්යාප්ත කළු විරෝධතා දිනයක් ප්රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව දිස්ත්රික්ක 25 ම නියෝජනය …
ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව, ප්රොටෙක්ට් සංගමයේ හැටන් සහ ලක්ෂපාන ශාඛාවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු වැඩසටහන් මාලාවක් ඊයේ (09) ගිනිගත්හේන නගරය කේන්ද්ර කොට ගනිමින් පැවැත්විණ. ඒ සඳහා ගෘහස්ථ ශ්රමිකයන් ඇතුළු අවිධිමත් අංශයේ සහ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී …
“පක්ෂග්රාහීත්වය බිඳ දමමු !” මෙවර ජාත්යන්තර කාන්තා දින තේමා පාඨය එයයි. ස්ත්රී-පුරුෂ සමාජභාවයෙන් තොර වූ නිවෙසක්, පොදු ප්රවාහන සේවයක්, විශ්වවිද්යාලයක්, කාර්යාලයක්, වැඩබිමක් සහිත වූ සමාජයක් නිර්මාණය වනු දැකීම එහි බලාපොරොත්තුවයි. මන්ද, ඇතැම් සාම්ප්රධායික අදහස් ගරු කෙරෙන නිවෙස්වල සහෝදර-සහෝදරියන් අතර, අඹු-සැමියන් …
රටේ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ සාමාන්ය ජනතාවගේ ආර්ථික සහ සාමාජීය ජීවිතයට එල්ල කොට ඇති බලපෑම පිළිබඳ මහජන කතිකාවක් ගොඩනැගීම සඳහා වූ සාකච්ඡාවක් අද (ජන:05) පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගරයේ දී පැවැත් විණි. මහජන ව්යාපාරය විසින් සංවිධානය කොට තිබූ මෙම සංවාදය …
ස්ත්රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට සහ ප්රචණ්ඩත්වයට එරෙහිදින 16හිගෝලීය ව්යාපාරයට සමගාමීව, ඇඟලුම් ක්ෂේත්රයේ සේවයේ නියුතු ශ්රමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (12) මීගමුවජාතික ධීවර සහයෝගිතා සංවිධානයේ ප්රධාන ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහන ශ්රම අභිමානී කේන්ද්රය සහ ප්රොටෙක්ට්සංගමය එක්ව සංවිධානය කර තිබූ අතර වැඩසටහනට එක් වූ ඇඟලුම් සේවයෙහි නියුතු ශ්රමිකයන් සිය වැඩබිමෙහි දී තමාමුහුණ දෙනසහ මුහුණ දුන් හිංසන අත්දැකීම් පිළිබඳව ද සාකච්ඡා සභාව දැනුවත් කරන ලදි. එහි දී ඔවුන් වැඩි වශයෙන් ස්මතු කළේ දමිළ ශ්රමිකයන්ට සිය භාෂා අනන්යතාව හේතුකොට ගෙන වැඩ බිම තුළ සිදු වනහිංසනයන් සහ පොදුවේ ගත් කළ දෛනිකව ආයතනික නිෂ්පාදන ඉලක්ක හඹා යාමේ දී සේවකයෙකන් නිරන්තර හිංසනයන්ට සහප්රචණ්ඩත්වයන්ට ලක් වීම යන කරුණුයි. ඒ අනුව එකී හිංසනයන් ඇතුලු සියලු ම ආකාරයේ හිංසනයන්ගෙන් සහ ප්රචණ්ඩත්වයන්ගෙන් තොර වූ රැකියාවක් තහවුරු කරගැනීමේ අයිතිය සඳහා ජාත්යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කළ C190 සම්මුතිය ශ්රී ලංකාව තුළ අපරානුමත කිරීමේවැදගත්කම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළ අතර ඔවුන් ද ඒ සඳහා සිය සහයෝගය ලබා දෙන බව ප්රකාශ කළහ.







