Preaload Image

NEWS ROOM

C190 ගැන ඇඟලුම් සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුවේ දී

DSC04976 800x450

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන  හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිදින 16හිගෝලීය ව්‍යාපාරයට සමගාමීව, ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (12) මීගමුවජාතික ධීවර සහයෝගිතා සංවිධානයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහන ශ්‍රම අභිමානී කේන්ද්‍රය සහ ප්‍රොටෙක්ට්සංගමය එක්ව සංවිධානය කර තිබූ අතර වැඩසටහනට එක් වූ ඇඟලුම් සේවයෙහි නියුතු ශ්‍රමිකයන් සිය වැඩබිමෙහි දී තමාමුහුණ දෙනසහ මුහුණ දුන් හිංසන අත්දැකීම් පිළිබඳව ද සාකච්ඡා සභාව දැනුවත් කරන ලදි.

එහි දී ඔවුන් වැඩි වශයෙන් ස්මතු කළේ දමිළ ශ්‍රමිකයන්ට සිය භාෂා අනන්‍යතාව හේතුකොට ගෙන වැඩ බිම තුළ සිදු වනහිංසනයන් සහ පොදුවේ ගත් කළ දෛනිකව ආයතනික නිෂ්පාදන ඉලක්ක හඹා යාමේ දී සේවකයෙකන් නිරන්තර හිංසනයන්ට සහප්‍රචණ්ඩත්වයන්ට ලක් වීම යන කරුණුයි.

ඒ අනුව එකී හිංසනයන් ඇතුලු සියලු ම ආකාරයේ හිංසනයන්ගෙන් සහ ප්‍රචණ්ඩත්වයන්ගෙන් තොර වූ රැකියාවක් තහවුරු කරගැනීමේ අයිතිය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කළ C190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීමේවැදගත්කම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළ අතර ඔවුන් ද ඒ සඳහා සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn