Preaload Image

NEWS ROOM

ලෝකෙන් ම තුන් වැනියා වූ රටක එදා වේල හම්බ කරන මිනිසාගේ ඉරණම !

278839003 542741337198729 1831500019141519657 N

දිනපතා හිරු පායනවා මෙන් ම දිනපතා බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ද නියතයක් වී හමාරය. ඒ තරමට දෛනිකව වාර්තා වන පුවත්වලින් කියන්නේ බඩු භාණ්ඩවල අඛණ්ඩ මිල යාමේ තත්ත්වයයි. ඇතැම් විට එක ම භාණ්ඩය මාසයක් වැනි කාලයක් තුළ කිහිප වතාවක් ම ඉහළ යමින් පවතී. එලෙස ම ඇතැම් භාණ්ඩ මිල ගණන් ඉහළ ගිය ද ඒවායේ තොග වෙළඳසැල්වල ද නැත. තිබුණත් ඇති හැකි අය නැවත මිල වැඩිවේ යැයි සිතා මලු පුරවා ඒවා රැගෙන යු දක්නට ලැබෙයි. මේවා එක් එක් සිද්ධි වුවත් මේ සියල්ලෙන් කියාපාන ආර්ථික විද්යාත්මක සත්යනම් මහජනයාට දරා ගත නොහැකි තරමින් ඉහළ නගින උද්දමනයක් මෙරට ආර්ථිකය තුළ ක්රියාත්මක වන බවයි.

ලෝකෙන් ම තුන

ශ්රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ පසුගිය මාර්තු මස 22 වන දිනට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අනුපාතිකය 21.5%කි. එය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 18.7%කි. නමුත් පසුගිය දා, ජෝන් හොප්කින්ස් විශ්වවිද්යාලයේ ව්යවහාරික ආර්ථික විද්යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි විසින් twitter පණිවිඩයක් නිකුත් කරමින් දක්වන්නේ පෙබරවාරි මාසයේ ශ්රී ලංකාවේ 17.50% ක් වූ උද්දමනය අප්රේල් 21 වන විට 119% තරම් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවය. එමෙන් ම එය ලෝකයෙන් ම තුන්වන ඉහළ උද්ධමන අනුපාතිකය බවට පති වී ඇති අතර තෙවැනි වන්නේ සිම්බාවේට සහ ලෙබනනයට පමණක් වන බවයි. එලෙස ම කලාපයේ ඉහළ ම උද්ධන අනුපාතිකයක් වාර්තා වන රට වන්නේ ද ශ්රී ලංකාවයි. මෙය අපට කිසි සේත් සතුටු විය හැකි තත්ත්වයක් නොවන අතර අපගේ අනාගතය විතැන් වන්නේ කුමන අන්තයකට ද යන්න ප්රශ්න කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය
ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය
මහාචාර්ය ස්ටීව් හැන්කිගේ twitter පණිවිඩය

 

වැඩි ම බර පොඩි මිනිහාට

මේවා ආර්ථික විද්යාත්මක කාරණා වුවත්, මෙයින් වැඩි ම පීඩාව විඳින්නේ එදා වේල හම්බ කරගෙන කන පොඩි මිනිහා ය. දවසින් දවසට රජය විසින් සපයන සේවාවල මිල ගණන් ද ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ජනතාව ගැන කිසිදු අනුකම්පාවකින් තොරව ය. නිදසුනක් ලෙස විදුලි පාරිභෝජනය සඳහා වන ගාස්තු 100% වැඩි කිරීමට කැබිනට් අනුමැතිය මේ වන විටත් හිමි වී තිබේ. කිරිපිටි ග්රෑම් 400 ක සිල්ලර මිල රුපියල් 1000කට වඩා වැඩි කිරීමට ආනයනික ආයතන ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇත. ඉන්දන මිල ගණන් ඉහළ යාම නිසාවෙන් බස් ගාස්තු වල අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ ගොස් ඇත. සීනි, තිරිඟු පිටි, පරිප්පු ඇතුළු අත්යවශ්ය ආහාර ද්රව්යවල මිල දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇත. මේ සියල්ලේ ම මිල වැඩි වීමට සාපේක්ෂව එදා වේල උපයා ගන්නා අවිධිමත් අංශවල සේවකයන්ගේ වැටුප්වල කිසිදු වර්ධනයක් වී නොමැත. ඇතැම් භාණ්ඩ වෙළඳසැල්වල ඇත්තේ ද නැත. මීට වසරකට එහා රුපියල් 100කට අඩු මුදලකට මිල දී ගත් හාල් කිලෝව රුපියල් 200ක් ගෙවා හෝ මිලට ගත නොහැක. ආණ්ඩුව පත් වූ සමයේ විශ්රාමික හමුදා නිලධාරීන් පාරිභෝගික අධිකාරියට පත් කරමින් හා ගැසට් පිට ගැසට් ගසමින් පැන වූ පාලන මිලවල් සියල්ල ම රජය තරමට ම ෆේල් වී, කළුකඩ කරුවන්ගේ කථිපාධිකාරයට යටත්ව ඇත. ආණ්ඩුවේ මේ සියලු ම අසමත්කම්වල අවසාන වින්දිතයා වී දුක් ගැහැට විඳින්නේ එදා වේල හම්බ කරගෙන ජීවත් වන ජනතාව ය.
                                                           
ඒ නිසා මේ මොහොතේ වගකිවයුතු ආණ්ඩුවක වගකීම විය යුත්තේ මෙවැනි පිරිස් මහ මගට ඇද නොවැටීමට කටයුතු කිරීමයි. නමුත් තම බලය ආරක්ෂා කර ගැනීමට නූල් සූත්තර කරනවා විනා මේ පවුල් ආණ්ඩුවට එදාවේල හම්බ කරගෙන ජීවත් වන මිනිහාට සවියක් වීමට කිසිදු වුවමනාවක් නැත. එනිසාවෙන් අවිධිමත් අංශය නියෝජනය කරන කම්කරුවන් නො එසේ නම් එදා වේල උපයන්නන් මහජන අරගලය තුළ තම හඬ තව තවත් ටීවෘඅ කළ යුතු ය. මන්ද මේ පාලකයන් මේ ආර්ථික පීඩනය යටතේ එදාවේල හම්බ කරන මිනිහා වෙනුවෙන් කිසිදු අත්වැලක් නොදෙන නිසාවෙනි. එනිසාවෙන් මේ මොහොත යනු ආණ්ඩුව බන්දේසියක තබා සහන දෙන වේලාවක් නොවේ. එනිසාවේන් අවිධිමත් අංශයේ කම්කරුවන් වෙත තම අයිතිය දිනා ගැනීමේ සාධාරණ වගකීමක් ඇත.
-ප්රොටෙක්ට් සංගමය-
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn